💥අපේ ගමේ වෙසක් 💥
☺️තරු පායපු රාත්රියක්.. ආලෝකයෙන් සරසපු අපේ ගමේ අමරණිය මතක ☺️
💥අපේ ගමේ වෙසක් 💥
✨✨⭐තරු පායපු රාත්රියක් ආලෝකයෙන් සරසපු අපේ ගමේ අමරණිය මතක සටහන ✨✨⭐
🌼🌼🌼සම්බුදු තෙමගුල නිමිති කරගෙන බෞද්ධයන් විසින් ඉතාමත් උත්සවශ්රීයෙන් සමරනු ලබන උත්සවය තමයි වෙසක් කියන්නේ. මෙවර අපේ ගමේ වෙසක් එක නම් කියන්නම වචන මදි.🌼🌼🌼
🌼🌼🌼ලොකු කුඩා බේදයක් නැතුව හැමෝම එකතු වුණා. පාට පාටින් වෙසක් කූඩු නිර්මාණය කළා. ගමේ තරුණ පිරිස එකතු වෙලා ලස්සන තේමා පදනම් කරගෙන තොරන් හැදුවා. ඒ සේරම දැක්කම හිත පිරෙනවා.
රෑ වෙනකොට ගම වෙනස්ම ලෝකයක්. ගෙයක් ගෙයක් ගානේ පහන් කූඩු එල්ලුවා. පාර දෙපැත්තේ හදපු පහන් වැටවල් පත්තු කරාම හරියට තරු පායල වගේ. මුළු භූමියම පහන් ආලෝකයෙන් සරසලා තිබුණා.🌼🌼🌼
🌼🌼🌼ඒ විතරක් නෙවෙයි. තැනින් තැන දන්සල් පැවැත්වුණා. "කන්න" කියන එක වචනෙට වටිනාකමක් ආවා. පෝය දවසට සුදුවතින් සැරසුණු මිනිස්සු සිල් සමාදන් වෙලා එකතු වුණා. ඒ එකමුතුකම, ඒ සෙනෙහස තමයි වෙසක් එකේ ඇත්ත ලස්සන.
මේ විදිහට අපේ ගමේ හැමෝම වෙසක් එක ආකර්ශනීය විදිහට, හදවතින් සමරපු හැටි කවදාවත් අමතක වෙන්නේ නෑ.🌼🌼🌼

메타데이터
- post_id
- ecbe44429873
- slug
- අපේ-ගමේ-වෙසක්-ecbe44429873
- url
- https://medium.com/@madu29661/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-ecbe44429873
- canonical_url
- https://medium.com/@madu29661/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-ecbe44429873
- author_url
- https://medium.com/@madu29661
- status
- ok
- fetched_at
- 2026-07-10 07:36:30