කවියක් ලියන්න බය වෙන්න •
විෂ වායුවක් පිපිරිලා හාත්පස පරිසරේ
කවියක් ලියන්න බය වෙන්න •

විෂ වායුවක් පිපිරිලා හාත්පස පරිසරේ මං නොදැන එළියට බැස්සේ ගෑස් මාස්ක් දාගෙන ගෑනු, පිරිමි හැමෝම ඒ අය බලන්නෙම මගේ දිහා ජීවත් වීමේ දැඩි ආසාවෙන් පීඩිත ඒ අයගෙ ඇස් මගේ ඇස්වල හැපිලා දෙකට කැපිලා ගියා “මෙහෙම වෙලාවක කවුද එළියට බහින්නෙ?” කවුද මගෙන් ඇහුවා, කාරුණිකව ඒත් එයා කොහොමද කතා කළේ? ගෑස් මාස්ක් දාගෙන කොහෙන්ද කතා කරන්නෙ? වියවුල් මනසින් මං කල්පනා කරන්න ගත්තා
පාර මැදකදි මට සනීපයක් දැනුණා මං පියෑඹුවා ආකහේ මුදුනටම “අත්තටු ඇවිල්ලද මට?” කාගෙන්දෝ මම ඇහුවා, මිමිණිල්ලෙන් “තමුන් මැරිලා.” කවුදෝ සන්සුන්ව කිව්වා
මේ පියෑඹීම ගේන සනීපය! ඒක බෑ ඇවිදීමෙන් ගන්න ඒක බෑ දිවිල්ලෙන් ගන්න “මැරෙන්නද හදන්නෙ?” කවුදෝ එහෙමත් ඇහුවා මං අහසට නඟින්න මොහොතකට පෙර ඒත් තමුන්ලට අමතකද? විෂ වායුවක් දගර ගමනින් යනවා අහළ-පහළ හැම තැනම තව ඩිංගෙන් ඔහේලත් මැරෙන්න ඉඩ තියෙනවා
මට අමතක වුණ තව වැඩක් තියෙනවා පහළට එන්න-අත්තටු නවත්තන්න මෝඩ උත්සාහයක මම මට කවියක් ලියන්න තියෙනවා නෑ, මට කවියක් ලියන්න බය හිතන්න තියෙනවා
විෂ වායුව මට අත්තටු දෙනවා පියාඹන්න පියාඹන්න, කුරුල්ලෙක් වෙන්න කවි; ඒවා ලියන්න බය වෙන්න!! මරණෙන් පස්සෙත් මං කියා හිටිනවා බය වෙන්න!!
කාංචනා අමිලානි • ජූලි 15, 2025
메타데이터
- post_id
- 5823c39b5904
- slug
- කවියක්-ලියන්න-බය-වෙන්න-5823c39b5904
- url
- https://medium.com/@moogater/%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-5823c39b5904
- canonical_url
- https://medium.com/@moogater/%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-5823c39b5904
- author_url
- https://medium.com/@moogater
- status
- ok
- fetched_at
- 2026-06-23 06:34:20