← Back to list

පර්ෆියුම් එකක් හරියටම තෝරගන්න හැටි දැනගන්න කැමතියිද?

Glamora Global · 2025-04-02 06:10 · 0 claps · 6.0 min read
#perfume #parfum #eau-de-parfum #toilette #cologne
Open on Medium ↗

පර්ෆියුම් එකක් හරියටම තෝරගන්න හැටි දැනගන්න කැමතියිද?

ග්ලැමෝරා අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න ඔබ වෙනුවෙන් අද අපි කතා කරන්න යන්නේ මොනවද මේ පර්ෆියුම් එකක් කියන්නේ කියලා. බොහෝ දෙනෙකු අපෙන් විමසා සිටියා ධනවත් පුද්ගලයින් හා කාන්තාවන් භාවිතා කරන සුවද කාරක පිලිබදව දැනුවත් කරන මෙන්. රෑපලාවන්‍ය ක්ෂේශේත්‍රයේ ගැහැනු පිරිමි බේදයකින් තොරව වැඩිම ජනප්‍රිය නමක් තමයි මේ පර්ෆියුම්. කාන්තා පිරිමි දෙපාර්ශවයම වැඩි උනන්දුවක් දක්වන මේ පර්ෆියුම් ගැන වැඩිදුර දැනුවත් කිරීමක් සිදු කිරීම මෙහිදී අපේ අරමුනයි.

වෙළඳපොලේ එතරම්ම ඉල්ලුමක් තියෙන මොනවද මේ පර්ෆියුම් කියන්නේ?

අපි භාවිතා කරන ඒවගේ සුවඳ නැත්තෙ ඇයි?.

සමහර පුද්ගලයින් දවසම එකම සුවඳින් සිටින්නේ කෙසේද?.

සමහර කාන්තාවන් අසලින් නැවුම් සුවඳක් නොනවත්වා එන්නේ කෙසේද?

පර්ෆියුම් යනු විවිධ මල් වර්ග,කුළුබඩු වලින් ලබා ගත් සුවඳවත් තෙල් සමඟ සුවඳකාරක සංයෝග හා මද්‍යසාර ද්‍රාවකවල මිශ්‍රණයකින් සෑදී ඇති ඒවාටම පොදු වූ සුවඳක් සහිත සාමාන්‍යයෙන් දියර ස්වරෑපයෙන් පවතින ද්‍රාවනයක්.මිනිස් සිරැරට ප්‍රසන්න සුවඳක් ලබා දීමට සමත් මේ පර්ෆියුම් කාමර උෂ්ණත්වයේ දී වාෂ්ප වන අතර ඇල්කොහොල්, ජල අණු වල මිශ්‍රනයක්ද සහිතව නිපදවයි. මෙම අණු ඉතා සැහැල්ලු අණු නිසා වාතයේ පාවී පැතිරී ගොස් සුවඳ විසුරැවයි. නමුත් වාතයේ පාවෙන සෑම සැහැල්ලු අණුවකටම මේ හැකියාව නෑ. ඒ නිසා මේ පර්ෆියුම් නිෂ්පාදන ආයතන ඒ පිළිබද පර්යෙෂන සිදු කර එලෙස වාතයේ පැතිරී ගොස් වාෂ්පීකරනය වන ලෙස අණු සකසා අපේ නාසයේ අදාල සෛල කරා ස්පර්ෂ විය හැකි අන්දමින් ඒවාට අමුද්‍රව්‍ය එක් කරල තමයි මේවා නිශ්පාදනය කරල තියෙන්නෙ.

ප්‍රධාන වශයෙන් මේවාට යොදා ගන්න අමුද්‍රව්‍ය ලෙස භාවිත වෙන්නේ විවිද සුවඳවත් මල් වර්ග, පැඟිරි අඩංගු පලතුරැ, නැවුම් ශාක වල දළු, සුවඳවත් ඖෂධ පැළෑටි, විවිද ශාක පොතු(සඳුන්), ඇම්බර් වැනි ශාක වල දුම්මල, කස්තුරි, පෙරදිග කුළුබඩු, නැවුම්ව කපන ලද තණකොළ ද , ඇමෝනියා, ඇල්කොහොල් හා පෙට්‍රො රසායනිකයන් ද චොක්ලට්, වැනිලා, කැරමල් වැනි සංයෝග ද යුකැලිප්ටස් සහ කැම්පෝර් ඇතුලු මින්ට් සහ ගම්මිරිස් ද, සත්ව විදුරැමස් සහ සත්ත්ව ස්‍රාවයන් ද යන මේවායේ සමස්ථ එකතුවකින් සැඳි මිශ්‍රනයන්ය. මෙලෙස වෙන් කර ගත් අමුද්‍රව්‍ය 98% ක් ඇල්කොහොල් වලද 2% ක් ජලයේද දිය වේ. මේ පර්ෆියුම් විවිද වර්ගීකරනයන්ට ලක් කල හැකියි.

අපි දැන් බලමු මොනවද ඒ වර්ගීකරන කියලා. මේ පර්ෆියුම් වල වර්ගීකරනයන් සිදු කර ඇත්තේ එහි සුවද අණුවක ව්‍යූහය, අඩංගු වී ඇති ඇල්කොහොල් ප්‍රතිශතය හා එහි සාන්ද්‍රනය වැනි කරැනු සැලකිල්ලට ගෙනය. මෙහිදී සුවඳ අණු පිලිබඳව අවධානය යොමු කරන විට සුවඳ විකිරණය හෙවත් පතුරැවා හරින ඇල්ඩිහයිඩ,තාර මෙන් සුවඳ ලැකේටානික්, ෆීනලික් වල ප්‍රතිශතය අනුව ඇතැම් විට පර්ෆියුම් වර්ග කරයි. ඒ වගේම ඇල්කොහොල් ප්‍රතිශතය හා සාන්ද්‍රනය මතත් පර්ෆියුම් වර්ග කර ඇති අවස්ථාද අපට සුලභව හමුවෙනවා.

මෙහි ඇති ඇල්කොහොල් යනු එතනෝල්,අයිසොප්‍රොපයිල්,මිරිස්ටේට්,මොනොප්‍රොපිලීන් ග්ලයිකෝල් වල මිශ්‍රනයකටයි.මෙවා අනෙක් අමුද්‍රව්‍යයන්ගෙන් සාදා ගත් සුගන්ධකාරක තෙල් සමඟ මිශ්‍ර කර තනුක වීමට තබා වැඩි කාලයක් සුවද රඳවා තබා ගන්නට උදව් කරයි.මෙසේ තනුක කරන්නේ මිනිස් සමේ ආරක්ෂාවට හා ප්‍රසන්න මෘදු සුවඳක් ලබා ගැනීමටයි.එලෙස තනුක කිරීම සඳහා මෙම ඇල්කොහොල් භාවිතා කිරීමට හේතුව එය මෘදු සුවඳකින් යුක්ත වීමයි. එය පර්ෆියුම් අණුවල ගිලිහී යාම හෝ විසුරැවා හැරීම වැඩි කරයි. ඇල්කොහොල් වෙනුවට මෙහිදී තෙල් වුවද තනුක කිරීමේ ක්‍රියාවලියට යොදාගත හැකි නමුත් තෙල් වල තනුක කිරීමේ වේගය අඩු බැවින් එය ශක්තිමක් නොවේ. එනිසායි බොහෝ විට ඇල්කොහොල්ම මේ සඳහා යොදාගනු ලබන්නේ. එලෙස විවිද පර්ෆියුම් වර්ග කීපයක යොදාගෙන ඇති ඇල්කොහොල් ප්‍රතිශත කීපයක් ගැන දැන් සොයා බලමු.

ප්‍රදාන වශයෙන් කාන්ඩ 5කට පමන මේවා වර්ග කල හැකියි.ඒවානම්

  • Eau Fraiche
  • Eau de Cologne
  • Eau de Toilette
  • Eau de Parfum
  • Perfume

මේවා ප්‍රන්ශ භාශාවෙන් තමයි දක්නට ලැබෙන්නෙ. මෙය පර්ෆියුම් එකක අන්තර්ජාතිකව වර්ග කිරිමක් වන නිසා ඔබට ඕනෑම රටක පර්ෆියුම් වර්ගයක මෙම නම් දැකගන්නට පුලුවන්. බොහෝ දෙනෙක් මේවා දැක තිබුනත් මේවායේ තේරුම දන්නේ නෑ. ඉතින් eau කියන්නෙ ප්‍රන්ශ භාශාවෙන් ජලයට කියන නම්ක්.එනම් දියරමය ස්වභාවයක් වැනි අදහසක්.

මේ ලිපිය ලියද්දි මතකෙට එන චිත්‍රපටියක් තමයි Perfume: The Story of a Murderer කියන්නෙ.ඉතින් මේක නම් 18+ චිත්‍රපටියක්. නමුත් ඉතාම ලස්සන මතකයෙ රැදෙන චිත්‍රපටයක් කියල කිව්වොත් නිවැරදියි. පර්ෆියුම් වර්ග අතිතයෙදී පරිනාමය වීම් සිදුවූ අපූරුවත් මෙය නැරබීමෙන් ඔබට ලබාගත හැකියි.

ඉතින් දැන් අපි බලමු කොහොමද මේවා වර්ග කරල තියෙන්නේ කියල.

Eau Fraiche: 1% සිට 3% දක්වා සුවඳ විලවුන් අඩංගු වඩාත් තනුක ආකරයේ 97% පමන් ඇල්කොහොල් ඇති කාන්ඩය මෙය වනවා.මෙහි සුවද පවතින්නේ පැයක පමන කෙටි කාලයක්.ඉතින් එම නිසා මෙය මිලෙන් ඉතාම අඩුයි. වඩා ලාභ දායකත් වනවා.මිලෙන් අඩු නිසා මේවායෙ සුවදත් අඩු බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.

Eau de Cologne: මේවා බහුලව භාවිතා කරන්නේ පිරිමි පාර්ශවයයි.ඔවුන් අතර මෙය ඉතා ජනප්‍රියයි.මේවායේ සුවද කාරකය 2%-4% ප්‍රමානයක පවතිනවා. මේවායේ සුවද පැය 2ක් පමන පවතින අතර එහි මිලද ඉතා අඩු මට්ටමකයි පවතින්නේ. මේවායේ ස්ප්‍රේ ආකරයට වඩා දියරමය ආකාරය තමයි වඩාත්ම ජනප්‍රිය. අපි ඒකාලෙ ඕඩිකොලෝග්න් කියල කිව්වෙත් මේවට තමයි 🤭. ඒක හරියට කියවන්නෙත් එහෙමම තමයි.

Eau de Toilette: පර්ෆියුම් වර්ග වලින් වඩාත් ශ්‍රී ලන්කාවේ භාවිතාවන වර්ගය මෙය කිව්වොත් නිවැරදියි. මෙම කාන්ඩය සුලුතරයක් දෙනා ඔවුන්ගේ නොදැනුවත් කම නිසා මෙය මිලදීගැනීමෙන් පවා වැලකී සිටිනවා. ඊට හේතුව වන්නේ මෙහි ඇති නම නිසාවෙනි. මෙහි සුවදකාරක සං‍යුතිය ඇල්කොහොල් වල දියවීම 5% සිට 15% දක්වාම පවතිනවා. මෙය සැහැල්ලු ස්වභාවයක් ගන්නා අතර ස්ප්‍රේ අකාරයෙන් දැකිය හැකියි. මේවායේ සුවද පැය 3කට ආසන්න කාලයක් පවතිනු ලබනවා. මෙහි සුවද කාරක ප්‍ර්‍රතිශතය අනුව මේවායේ මිලගනන් වෙනස් වුවද එතරම්ම මිලාදික වන්නේ නෑ. අප බහුලව භාවිතා කරන්නේ මෙම වර්ගයයි.

Eau de Parfum: ඉහල මිල ගනන් යටතේ මෙම වර්ගය වර්ග කෙරෙනවා. 15%සිට 20% දක්වාම සුවදකාරකය ව්‍යාප්තව පවතිනු ලබනවා. පැය 8ක පමන ඉතා දිගුවේලාවක් මෙහි නැවුම් සුවද එලෙසම පවතිනවා. සුවද ගැන ඔබ සැලකිලිමත් නම් මෙම වර්ගය ඔබට ගැලපෙනම වර්ගයක් කිව්වොත් නිවැරදියි.

Perfume: ඇදුම් සේදුවත් සුවද නොයන පර්ෆියුම් නම් සුවද කාරකය මෙයයි. අදික සාන්ද්‍රනය නිසා තෙල් සහිත බවක් මෙහි දක්නට පුලුවන්. මේවා මිලාදිකම වර්ගයන් යටතේයි ගැනෙන්නේ. පැය 24 පුරාවටම මෙහි සුවද පවතිනවා කිව්වොත් නිවැරදියි. ඔබ ඈත සිටියදීම මෙහි සුවද ව්‍යාප්ත වනවා මෙන්ම, ඔබ යම් ස්තානයක සිට එතැනින් පිට වුවද ඔබේ සුවද එම ස්තානයේ කෙටි වේලාවක් රැදී තිබීමට තරම්ම මෙය ප්‍රභලයි. මෙහි අදික සුවද නිසාවෙන්ම මිලදී ගැනීමේදී තෝරාගැනීමට පවා අපහසුයි. 20%-30%අතර සාන්ද්‍රන වලින් යුක්තයි.

ඉතින් දිනපතා ප්‍රබෝධමත්ව සිටීමටත් අනෙක් පිරිසගේ දැඩි ආකර්ෂනය ලබා ගැනීමටත් තමන්ගේ පෞර්ෂත්වය විදහා පෑමටත් අපි හැමෝම කැමතියි. ඒ නිසා කාන්තා පිරිමි ඔබ දෙපාර්ශවයම මෘදු සුවඳකින් යුතු පර්ෆියුම් එකක් පාවිච්චි කිරීම නුවනැති කරැනක්. ඒ නිසා අපි තෝරා ගැනීම් සිදු කරන විට හොද තේරීමක් සිදු කිරීමට හැම විටම උත්සහ කල යුතුයි. එහිදී පර්ෆියුම් එක අඩංගු පෙට්ටියේ සඳහන් කරැනු ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. අමුද්‍රව්‍ය සාන්ද්‍රනය, සෞඛ්‍යාරක්ෂිත බව සමට සුදුසුද යන්න පිලිබදව එහිදී සොයා ගත යුතුයි.

දැන් ඔබට පැන නැගෙන ගැටළුව තමයි එහෙනම් මේ පර්ෆියුම් අපට අහිතකර වෙන්න පුළුවන්ද කියලා. හැම දේකම හොද වගේම නරක පැත්තකුත් තියෙනවනේ. කල යුත්තේ ඒ පිලිබදව දැනුවත් බවකින් සිටීමයි.ඒ නිසා දැන් අපි කතා කරමු මොනවද මේ පර්ෆියුම් වලින් වෙන්න පුළුවන් අහිතකර දේවල් කියලා.

මේ පර්ෆියුම් නිෂ්පාදන වලින් 75% ක ම පමන රසායනික හෝ නැලේට් භාවිතා කරන නිසා එම නැලේට්ස් ශුක්‍රාණු ප්‍රමානය අඩු කිරීම, අක්මාව හා පියයුරැ පිළිකා, ප්‍රජනක අක්‍රමිකතා,දියවැඩියාව වැනි අනතුරැදායක රෝග තත්වයන් ඇති කරන්නට පුළුවන්. ඒ වගේම අධික සුවඳවත් බවක් පතුරැවා හැරීම නිසා ඇතැම් පුද්ගලයන්ට ඉරැවාරදය,හිසේ වේදනාව, ඇස් දැවිල්ල වැනි අසාත්මිකතා ඇති කරන්නට පුළුවන්. සමහර විට සමහර පුද්ගලයන්ට අධික සුවඳ දරා ගැනීමට නොහැකි වීම නිසා පර්ෆියුම් හේතුවෙන් මානසික අවපීඩනයක් වුවත් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම බොහෝ පර්ෆියුම් කුඩා කාබනික අණු වන අතර එය ඔබේ නාසයේ ප්‍රතිග්‍රාහක සමඟ බැඳි සෛල පටල වලට හානි කරන්නටත් පුළුවන්. ඒ වගේම එහි ඇති බීපීඒ සහ නැලේට්ස් වැනි අහිතකර අන්තරාසර්ග අපේ ශරීරයේ හෝර්මෝන අනුකරණය කර නිසි ක්‍රියාවලියට භාදා එල්ල කරන්නටත් පුළුවන්. ඒවායේ අඩංගු අමුද්‍රව්‍ය වල සාන්ද්‍රනයන් නිසා ආල්පයෙන් අපේ සම අධික ලෙස වියලී සමේ කැසීම්, රතුවීම් වැනි සමේ ආසාධන පවා ඇති කරන්නට පුළුවන්. ඒ නිසා මෙන්න මේ කියන තත්වයන් ගැන පූර්ව දැනුවත් වීමක් සහිතව ඇලජික් නොවන සුදුසු පර්ෆියුම් එකක් ඔබ තෝරා ගන්නේ නම් වඩාත් සුදුසුයි.

අපේ නිර්දේශය නම් ශරීරයට සෲජුවම පර්ෆියුම් වර්ග ස්ප්‍රේ කිරීමෙන් වැලකී ඇදුම්වලට ඒවා භාවිතා කරන ලෙසයි.

ඒ විදියට නිවැරදිව තෝරා ගත් පර්ෆියුම් අපි භාවිතා කල යුත්තේ දවසේ කුමන අවස්ථාවෙද?

පර්ෆියුම් ඉසීමට සුදුසු වෙලාව අපේ ස්නානයෙන් පසුවයි. උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබේ මැනික් කටුව මත, බෙල්ල දෙපසට, බෙල්ල පිටුපසට, පපුව දෙපසට යන ස්ථාන වලට ඉසීම වඩාත් සුදුසුයි. ඔබේ රාජකාරී කටයුතු වලට යාමේදී, උත්සව ප්‍රිය සම්භාෂන වලට සහභාගී වීමේදී වැනි ඔබේ ජීවිතයේ වටින අවස්ථා සදහා යාමේදී ඔබේ පෞර්ෂත්වය වැඩි කරමින් ප්‍රසන්න සුවඳක් ලබා දීමට පර්ෆියුම් එකක් භාවිතා කර යන්නට අමතක කරන්න එපා. සුන්දරව ඉන්න ලස්සනට ඉන්න අවශ්‍ය තවත් වටිනා තොරතුරැ රැසක් ඉදිරියටත් ඔබට ගෙන එන්නට ග්ලැමෝරා අපි සූදානම්.

මෙවැනි වටිනා කරුණු පිලිබදව දැනගැනීමට දිගටම Glamora අපත් සමග රැඳී සිටිමෙන් අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පෝස්ට් එක ඔබට වැදගත් නම්, ඔබට ඇති ගැටළු පහලින් කමෙන්ට් කරන්න. යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න.පේජ් එකටත් ලයික් කරන්න අමතක කරන්න එපා

<<<<<<<< Facebook >>>>>>> <<<<<< Whatsapp Channel >>>>>>>

<<<<<<<< Instagram >>>>>> <<<<<< Whatsapp Group >>>>>>>>>


메타데이터
post_id
6e626c4ff55c
slug
පර්ෆියුම්-එකක්-හරියටම-තෝරගන්න-හැටි-දැනගන්න-කැමතියිද-6e626c4ff55c
url
https://medium.com/@glamoraglobal/%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92%E0%B6%AF-6e626c4ff55c
canonical_url
https://medium.com/@glamoraglobal/%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92%E0%B6%AF-6e626c4ff55c
author_url
https://medium.com/@glamoraglobal
status
ok
fetched_at
2026-06-28 10:39:35